what happen to black boys--මම කැමතියි කළු කොල්ලන්ට

තමා වැඩිපුර කැමති කළු අයට බව ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් කියයි.
ඇය මේ බව කියා සිටියේ විවාහයෙන් පසුව සති අන්ත පුවත් පතක අතිරේකයක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

ඇගේ පාටට වඩා වෙනසක් ඇති බැවින් කළු අයට කැමති බව නෙහාර පවසා ඇත.

දරුවන් පිළිබඳ හදිස්සියක් නොමැති බව පවසන නෙහාරා, තමාට දරුවෙකු ලැබුනොත් සැමියාට බබාලා ගොඩක් බලාගත නොහැකි නිසා දැන්ම දරුසුරතල් බැලීමට සැමියාගේ එතරම් මනාපයක් නැතැයි ද සඳහන් කර ඇත.

නෙහාරා පීරිස් මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයේ මහීමාලේ චරිතය නිසාත්, ස්වාධීන රූපවාහිනියේ ‘අමන්දා’ ටෙලි නාට්‍යයේ හිරුණිගේ  චරිතය නිසා හා දෙරණ නාලිකාවේ ඇය විසින් ඉදිරිපත්කරනු ලබන ටී පාර්ටි වැඩසටහන නිසා වැඩි ජනපි‍්‍රයත්වයකට පත්ව ඇත.

එසේම ඈ ගුවන්විදුලි ශ‍්‍රාවකයන් අතරත් ශ‍්‍රී එෆ්. එම්. නාලිකාවේ සාගරය සේ ආදරේ වැඩසටහන නිසා ජනපි‍්‍රයත්වයට පත්ව සිටී.

ජනප‍්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස් නොකඩවා තෙවරක් ම ජනප‍්‍රියම රූපවාහිනි නිළිය ලෙස සම්මාන ලැබුවා ය.

ඇගේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රංගනය බොහෝ දෙනකුට අමතක නොවන චරිතයක් බවට පත්ව ඇති අතර, නෙහාරා අදටත් බොහෝදෙනා හඳුන්වන්නේ ‘මුතුකිරිල්ලී’ ලෙස ය.

නෙහාරා මුලින්ම ක්ෂේත‍්‍රයට පැමිණියේ වෙළෙඳ දැන්වීම් හරහාය. ඇය 2006 වසරේදී මුලින්ම ලංකා බෙල් වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ඇගේ රංගන චාරිකාවට අත්පොත් තැබුවාය.

එසේම එම වසරේම ප‍්‍රදර්ශනය කෙරුණු ඩයලොග් වෙළෙඳ දැන්වීම හේතුවෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වූවාය.

‘සෙනෙහසට ආදරෙයි’ නම් ටෙලි නාට්‍යයේ රශ්මි නැමැති හදවත් රෝගියෙකුගේ චරිතයකට පණ පොවමින් නෙහාර සිය මුල්ම ටෙලිනාට්‍ය සටහන් කළාය.

පසුව රවීන්ද‍්‍ර විජේරත්න අධ්‍යක්‍ෂණය කළ ‘ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි නම් සුළු චරිතයක් සඳහා ද දායකවූවාය.

සිරස රූපවාහිනියේ මැජික් බොක්ස් සංගීත වැඩසටන ඉදිරිපත් කිරීමත් සමග ඇයට ටෙලි නාට්‍ය සඳහා ආරධනා වැල නොකැඞී ගාලා ආ බව ඇය පවසන්නීය.

පසුව ඇය සිරස ඩානිසින් ස්ටාර් හරහා නර්තන ශිල්පිණියක් ලෙස ද ප‍්‍රසිද්ධියට පත් විය.

ඇය ළගඳීම සිනමා නිළියක් ලෙසත් අභිශේක වීමට නියමිත බව මේ අතර අපට වාර්තා වේ.

රෝයි ද සිල්වා මහත්මයාගේ It’s a Matter of love චිත‍්‍රපටයේ ජෙනිෆර් නැමැති චරිතයට පණපොවමින් නෙහාරා සිනමාවට එක්වීමට නියමිතය.

ඇගේ සැමියා නිර්මාල්ය, නෙහාරා නිර්මාල් සමග විවාහ වූයේ වසර තුනහමාරක පමණ ඇසුරකින් පසුවය.

නිර්මාල් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත වන්නෙකි.


Nice smiling picture of Nehara Pieris


http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/167708_10150089645302140_20626617139_6013261_7135146_n.jpg

http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/196865_10150156281097140_20626617139_6537100_6393066_n.jpg